Tuesday, 31 January 2012

මතකද සොදුරියේ ගොඵවුණු වදන් එදා.

දිවියේ සෑදැ කාලය අප                                 ගෙවන්නේ
දුක් කම් කටඵ සැම සමසේ                              විදින්නේ
මද හිරු රැසින් මුඵ පෙදෙසෙම                    වෙ‍ළෙන්නේ
මන්දැයි ප්‍රියේ ඔබ නිහඩව                               සිටින්නේ

යෞවන සමයේ අදරින් අප                             හමුවුණදා
මතකද සොදුරියේ ගොඵවුණු   වදන්                          එදා
අද මෙන් එදත් සිසිලස දුන් තූරු                             නිබදා
මතකද දයාවිය තූරුඵව සිටිය                                    එදා‍   

වියපත් බවින් මා ගත දුබලව                            සැලුනත්
නෙතු අග  කදුඵ එක දෙක  බේරි                      වැටුනත්
නු‍‍‍ඔ හදවතින් නැගි ආදර සුපෙම්                           වදන්
තවමත් මහද රුව් පිළි රුව් දෙයි                         සුවදින්

අපගේ දිවිමගේ බාධක කමි කටඵ                      මැදින්
ඡිවන ඔරුව පැද යන්න‍ට සයුරු                         තෙරින්
මා ඔරුවනමි නුඹ හබලය කියමි                         ඉතින්
මතු අත් බවෙන් එක් වෙමු අපි බැදුණු              පෙමන්

Friday, 27 January 2012

මා පතන ඈ....................


පුන් සද වැනි වත කමලේ
නිල් මානෙල් මල් පරදන
නෙතු සගලක් හිමි ඈ................
කිතුල් රැහැන් මෙන් නීල වරලස
තිසර යුවලක් සේ පිරිපුන්
ඇගේ ලමැද
මන බදිනා සිහි නිග සුග
පතිවත පන මෙන් සුරකින
දිරිය ලියකි ඇය අගනා...............
ලද බෙළදය කාරුණිකය
සමන් පිච්ච මලක් වැනිය
මුලු ලොව සුවද කරන
මා පතනා ඈ කවදා
හිමි වේ ‍දෝ නොදනිමි මම .

Monday, 23 January 2012

බැස ගිය සද නුඹ...

කදුලක් ඇවිදින් නෙත බර වන           විට
මා සිත දිවයයි ඔබ‍ගේ රුව                  සිට
බැදි ‍‍පෙම් ගීයේ තනුව වය              න්නට
අද ඔබ ළග නැහැ එලෙස සිත         න්නට

නිදි දුව තව නෑ මා වෙත                  එන්නේ
මන්දැයි මා සිත නිබද  සි                 තන්නේ
දෙතොලග රැදි ඒ මිහිරි ව                 දන්නේ
කිමි දැයි මා සවනට නො ඇ          සෙන්නේ

දෑගිලි පටලා අප ගි‍ය මා                      වත
අද යන විට මට පාඵය හැම                 අත
දෛවය සරදම් කළාද අප                 වෙත
කෙලෙස සිතන්ද අපි වෙන් වී            ඇත

අපට සෙවන දුන් මේ මැයි               මාවත
පියලි තුලින් ඔ‍‍‍බේ රුව මතු වී              ඇත
දෙපා නගද්දී ඒ පියවිලි                       මත
මගේ සිහින ලොව ‍බොදවී  යනු          ඇත

කැටපත් පවුර නමින් නව බිලොග් අඩවියක්

බලංගොඩ පදිංචිව සිටින සමුද්‍යා මදුෂානි ‍වන මා ආරම්භ කරන කැටපත් පවුර නම් වු Blog අඩවියෙහි මා විසින් පළකරනු ලබන කාව්‍යමය නිර්මාණ පිලිබද ඔබගේ ප්‍රචාර ලබා දෙන්න. ඔබ විසින් එක් කරන ලද ප්‍රතිචාර මා ඉතා අගේ කොට සලකමි.