Friday, 27 January 2012

මා පතන ඈ....................


පුන් සද වැනි වත කමලේ
නිල් මානෙල් මල් පරදන
නෙතු සගලක් හිමි ඈ................
කිතුල් රැහැන් මෙන් නීල වරලස
තිසර යුවලක් සේ පිරිපුන්
ඇගේ ලමැද
මන බදිනා සිහි නිග සුග
පතිවත පන මෙන් සුරකින
දිරිය ලියකි ඇය අගනා...............
ලද බෙළදය කාරුණිකය
සමන් පිච්ච මලක් වැනිය
මුලු ලොව සුවද කරන
මා පතනා ඈ කවදා
හිමි වේ ‍දෝ නොදනිමි මම .

3 comments:

  1. Thanks for this post its really interesting i bookmark your blog for future stuff like this..
    Saturn Aura AC Compressor

    ReplyDelete
  2. Thanks for this post its really interesting i bookmark your blog for future stuff like this..
    Saturn Aura AC Compressor

    ReplyDelete
  3. සුදෝසුදු හිම විසුල
    හිම තලාවේ පිපින
    සුසුදුවන් පිච්ච මල
    ඈ කච්ද?-සුරඟනකි...

    වේද මනුසත් ලොවෙහි
    එවන් වූ සුරඟනන්
    පැතුම පමණක් වේද
    සුසුම් සුළඟට යාව...

    ReplyDelete